නැනෝ පොහොර මගඩිය පිටුපස ශෂින්ද්‍ර..

November 19, 2021 at 3:57 pm | by emanisa.lk

ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේ දී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි.

ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර ඇති බව ද ඇය පැවසුවාය.

ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ දැයි රටට හෙලිකළ යුතු බවත් ඇය අවධාරණය කරයි.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස