බදු අඩු නොකළ නම් අද සීනි මිල රු. 200 පැනල…!

March 16, 2021 at 6:34 am | by emanisa.lk

සීනි බදු අඩු කිරීමේ අරමුණ වූයේ එදා රුපියල් 140-145ට තිබූ සීනි මිල අඩු කිරීම බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

අද වන විට රුපියල් 105-110ට සීනි වෙළඳපොළේ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා පවසන්නේ සීනි මිල අඩුවීම බදු අඩුකිරීමේ එක් ප්‍රතිපලයක් බවයි.

බදු අඩු නොකළේ නම් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සීනි මිල රුපියල් 200 පසු කිරීම වැළැක්විය නොහැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *