රු. 07 කිසිසේත් ප්‍රමාණවත් නෑ…! දියර කිරි මිල රු. 20කින් වැඩි කරනු….!

October 17, 2021 at 1:35 pm | by emanisa.lk

දේශීය කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 90කින් ඉහල දැමුවේ නම් කිරි ගොවීන් ලබා දෙන දියර කිරි ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමන ලෙස අදාළ සමාගම්වලින් ඉල්ලා සිටින බව නුවරඑළියේ කිරි ගොවිහු පවසති.

දේශීය දියර කිරි ලීටරයක් සඳහා දැනට ගෙවන මුදල රුපියල් 80කි. එහෙත් සත්ව ආහාර මිල ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව කිරි ගොවීහු පෙන්වා දෙති.

දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 07ක මිල වැඩි කිරීමක් සිදු කිරීමට අදාළ සමාගම් තීරණය කර ඇතත් එය ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *