රු. කෝටි 532ක මහා බදු වංචාවක්…! අර්ජුන් ඇලෝසියස්ට සිතාසි…!

September 30, 2022 at 2:38 pm | by emanisa.lk

රුපියල් කෝටි 532ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ විසින් ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කරමින් සිතාසි නිකුත් කර ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම අධිකරණය සිතාසි නිකුත් විනි.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි මෙම නඩුව ගොනුකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *