පර්ෆෙචුවල් ගිණුම් තහනම ඉවතට…! බැඳුම්කර මුදල් එළියට අදී…! එක ගිණුමක ලක්ෂ 4000ක්..!

August 27, 2022 at 8:32 pm | by emanisa.lk

අර්ජුන් ඇලෝසියස්ට අයත් බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රු. කෝටි 300කට ආසන්න මුදලක් රජයට බදු ගෙවීම පැහැර හැර ඇතැයි පුබුදු ජයගොඩ පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දෙන්නේ මෙලෙස බදු ගෙවීම පැහැර හැරී නිසා අවලංගු කළ එම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර දෙක ම කිසිදු බදු ගෙවීමකින් තොරව නැවත ලබා දීමට තීරණය කර ඇති බවයි.

එසේ ම මහ බැංකු බැඳුම්කර වංචාව සමග තහනම් කළ එම සමාගමේ ගිණුම් නැවත සක්‍රීය කිරීමට ද ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි පුබුදු ජයගොඩ චෝදනා කරයි.

මහ බැංකු වංචාවේ දී සිදු වූයේ රජය සතු මුදල් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම බව පවසන පුබුදු ජයගොඩ පෙන්වා දෙන්නේ දැන් එම මුදල් පිටතට ඇදීමට යන බවත් එය බැඳුම්කර වංචාවේ දෙවන පියවර බවත් ය.

පෞද්ගලික බැංකුවක පමණක් එම සමාගම සතු ගිණුමක රු. බිලියන 04ක් ඇති බවත් ලබන සතියේ මෙම මහා විනාශය ආර්ථිකයට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *