ගුරුවරු වර්ජනයකට යොමු කළේ ආණ්ඩුවමයි…! රුසියාවේ ස්ටාලින්ට වඩා දැන් අපේ ස්ටාලින් ජනප්‍රියයි….! – චන්දිම වීරකොඩි

August 6, 2021 at 10:36 am | by emanisa.lk

කොතලාවල පනතට එරෙහිව උද්ඝෝෂණය කළ ගුරුවරු කුදලා ගෙන ගොස් සිදුකළ අත්තනෝමතික ක්‍රියාව නිසා ගුරුවරු සිය වැටුප් වර්ධක ඉල්ලා වර්ජන සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වෙත යොමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි පවසයි.

තමා අද මෙතැන සිටින්නේ ගුරුවරුන්ට පිං සිදුවන්නට බවත් ගුරුවරුන්ට එරෙහිව කතා කිරීමට කිසිදු අයිතියක් තමාට නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ වන විට රුසියාවේ ජෝෂප් ස්ටාලින්ට වඩා අපේ ජෝෂප් ස්ටාලින් ජනප්‍රිය බවත් ගුරු වැටුප් විෂමතා අවුරුදු 24ක් තිස්සේ නොවිසඳීමට තමන් ඇතුළු හිටපු ආණ්ඩු ද වගකිව යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *