රුසියානු-යුක්‍රේන අර්බුදයෙන් ලංකා ආර්ථිකය කබලෙන් ළිපට..! තේ කර්මාන්තයට කණකොකා හඬයි…!

March 2, 2022 at 5:15 pm | by emanisa.lk

රුසියානු – යුක්‍රේන අර්බුදය හමුවේ ඉදිරියේ දි මෙරට තේ කර්මාන්තයට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ  සඳහන් කළේ, යුදමය වාතාවරණය හමුවේ රුසියාවේ මෙන්ම යුක්‍රේනයේ ආර්ථිකයන් දැඩි පරිහානියට පත්වීම මීට හේතු විය හැකි බවය.

මෙරට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මුලාශ්‍රයක් ලෙස තේ අපනයන සැළකෙන අතර ශ්‍රී ලංකාව තේ අපනයනය කරන රටවල් අතරින් තෙවන විශාලතම ගැණුම්කරුවා වන්නේ රුසියාවයි.

රුසියාව විසින් වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 26කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගනු ලබයි.

කෙසේ වෙතත් පවතින යුදමය වාතාවරණය ඉදිරියට පැවතුණහොත් තේ අපනයනයෙහි අර්බුදයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස