රුසියානු නායකයින් සමග බල අරගලයක යෙදී සිටින වැග්නර් කුලී හේවා භටයින්ගේ නායකයා පොරොන්දුවක් ලබා දී තිබේ.
ඔහු සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ සිය භටයින්ගේ ඉදිරි ගමන නැවැත්වීමට තීරණය කළ බවය. බෙලරුසියානු නායකයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ.
ඔහුගේ කණ්ඩායම රුසියානු නගරයේ අල්ලාගත් අතර රුසියාවේ ප්‍රධාන නගරය වන මොස්කව් තෙක් ගමන් කරන බව ඔවුන් පැවසීය.
මේ අතර වැග්නර් නායකයා රුසියානු නායක පූටින් සමග සාකච්ඡා කිරීමට එකඟව ඇත. මෙම නව ප්‍රවණතාව පිළිබඳ බටහිර මාධ්‍ය මෙතෙක් නිශ්චිත අදහසක් ප්‍රකාශ කොට නැත.