අපේ දුර්වල පාලකයින්ට රුසියානු ගුවන්යානා ප්‍රශ්නෙවත් ගොඩින් බේරගන්න බැරිවුණා…! – සජිත්….

June 4, 2022 at 7:52 pm | by emanisa.lk

රුසියානු ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ නවත්වා ගැනීමේ සිදුවීම ජාත්‍යන්තර ප්‍රශ්නයක් වන්නට නොදී විසඳා ගැනීමට මේ රටේ දුර්වල පාලකයින් අසමත් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ නිසා රටේ තේ කර්මාන්තය ද සංචාරක කර්මාන්තයය ද කබලෙන් ළිපට වැටෙන බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

රටේ ජනතාව මහා ගැටලුව සම්භාරයකට මැදිව කල් ගෙවද්දි මැතිවරණයෙන් පරාජය වූ පිරිසක් තනතුරු ලබා ගෙන වැඩඹෙමින් ඇතැයි ද හෙතෙම චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *