එක්තරා පිරිසක් විසින් මස් මාංශ කිරි බිත්තර සහිත ආහාර සකසා රුවන්වැලි සෑයට පූජා කර තිබේ.
මේ දානය සඳහා කුකුළු මස් තලපත් බලයා කෙලවල්ලා දැල්ලා ඉස්සා වැව් කොරළි මාලු පීකුදු බිත්තර සොසේජස් වැනි මාංශ ආහාර වර්ග යොදා ගත් බව එය සිදුකළ සනත් සුමින්ද නම් පුද්ගලයා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.
බුදු සසුන වනසන සසුන්ගත කඳපණුවන් මර්දනය කළ හැකි ත්රිපිටකධාරී සිව්වනක් පිරිසට හැකි වේවා යැයි ප්රාර්ථනාවෙන් මෙම දානමය පූජාව සිදුකළ බව ඔහු සඳහන් කරයි. බෞද්ධ ජනතාව මස් මාළු ආදී ආහාර බුද්ධ පූජාව සඳහා තබන්නේ නැත.