රුවන්පුර අධිවේගයේ ඉදිකිරීම් විදෙස් කොන්ත්‍රාත්කරුවන්ට දීම නවතයි! ඉදිකිරීම් සියල්ල දේශීය අරමුදල්වලින් සමාගම්වලට!

July 2, 2020 at 4:53 pm | by emanisa.lk

රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව විදේශීය සමාගමකට ලබාදෙමින් පසුගිය රජය සමයේ අත්සන් කර තිබූ ගිවිසුම අවලංගු කර එම කොන්ත්‍රාත්තුව දේශීය සමාගම්වලට ලබාදීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර, පැල්මඩුල්ල සම්බන්ධ කරමින් කිලෝමීටර 76ක් ඔස්සේ ඉදිකෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුව එක් කොන්ත්‍රාත්කරුවකුට කිලෝමීටර 6ක් 10ක් අතර වශයෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් 10කට පමණ භාරදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සඳහා අවශ්‍ය මුදල් ද විදේශ අරමුදල්වලින් තොරව දේශීය අරමුදල් මගින් සපයා ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා මාර්ග, මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස