එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ගම්පහ දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති සාගල රත්නායක ද මාතර දිස්ත්‍රික්කය අත හැර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කළමනාකරු ජයරාජ් චන්ද්‍රසේකර සිය සමීපතම දේශපාලන සගයින් පිරසක් සමග කියා තිබෙන්නේ රුවන් විජයවර්ධන නුදුරේ දී ම කොළඹ දිස්ත්‍රික්කයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කරනු ඇත බව ය.