රුපියල 11%කින් ශක්තිමත් වෙයි…!

November 3, 2024 at 10:11 am | by emanisa.lk

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ඔක්තෝබර් 30 දක්වා මාස දහයක කාලයේදී සියයට 10.3කින් ශක්තිමත් වී ඇත.

මේ කාලයේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්‍ෂව සියයට 12.9කින් ද ස්ටර්ලින් පවුමට සාපේක්‍ෂව සියයට 8කින් ද චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 10.9කින් ද ශක්තිමත් වී ඇත.
ජපන් යෙන් මුදලට සාපේක්‍ෂව සියයට 19.7කින් ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 15.1කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‍ෂව සියයට 11.5කින් ද වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *