රුපියල ආසියාවේ දුර්වල ම මුදල් ඒකකය වෙයි..!

July 25, 2023 at 7:25 pm | by emanisa.lk

2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මේ මාසයේ දී ආසියාවේ දුර්වල ම මුදල් ඒකකය බවට පත්ව ඇතැයි Bloomberg වෙබ් අඩවිය පවසයි.

වසර මුල දී රුපියල 19%ක පමණ වර්ධනයක් පෙන්නුම් කළ ද පසුගිය දින 14 තුළ රුපියල අඛණ්ඩව 6%කින් අවප්‍රමාණ වී ඇතැයි ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

පොලී අනුපාත අඩු කිරීම සහ ආනයන සීමා ඉවත් කිරීම සමග මේ වසර අවසානය වන විට රුපියල තව දුරටත් අවප්‍රමාණ වනු ඇති බවත් ඩොලරයක වටිනාකම රු. 355ක් පමණ වනු ඇති බවත් එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *