රිෂාඩ්ගේ නිවසේ මළ තරුණියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්….!

July 27, 2021 at 1:30 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටිය දී මරුමුවට පත් ඉෂාලිනීගේ සිරුර භූමදාන කර ඇති ඩයගම සුසාන භූමියට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

තරුණියගේ සිරුර ගොඩගෙන විශේෂඥ කමිටුවක් ඉදිරියේ නැවත පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස ඊයේ (26) අධිකරණය නියෝග කළේ ය.

ඒ අනුව ඊයේ සිට පොලිසිය අදාළ සුසානභූමියට 24 පැය ආරක්ෂාව සපයා තිබේ.

මෙම මරණය පිළිබඳ සිද්ධිය යටපත් කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් පාර්ශ්වය මුදල් වියදම් කරමින් දැඩි බලපෑම් කර ඇති බව ද ඊයේ අධිකරණයේ දී අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *