රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසිය මරා පුළුස්සලා?

February 15, 2019 at 4:37 am | by admin

බූස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධියක් වේදැයි සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බුස්සේදී පසුගිය ජනවාරි මාසයේ පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදන් විය. මෙලෙස අතුරුදන් වී ඇත්තේ තිදරු පියෙකු වූ 33 හැවිරිදි මංජුල අසේල කුමාර සහ 31 හැවිරිදි එක් දරු පියෙකු වන රසින් චින්තක නමැත්තන්ය. එක් අයෙක් මත්ස්‍ය ව්‍යාපාරයකද, අනෙක් පුද්ගලයා කුකුළු මස් ව්‍යාපාරයකද නිරතව සිටියේය.

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසුණු පුද්ගලයන් 13 දෙනකු පමණ ගිනිඅවි ද රැගෙන වෑන් රථ දෙකකින් පැමිණ මේ දෙදෙනා පැහැර ගෙන ගිය බවට රත්ගම පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

අදාළ සිද්ධිය පිළිබඳව රත්ගම හා ගාල්ල පොලිස් ස්ථාන මගින් සිදුකරන විමර්ශන කටයුතු කෙරෙහි සෑහීමකට පත් නොවන නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයට භාර කර ඇත.

මේ අතර පසුගිය 06 වැනිදා මංජුලගේ බිරිඳ වන සමන්තිගේ නමට ලැබුණු නිර්නාමික ලිපියක් එවා තිබේ. අතුරුදන් දෙදෙනා පොලිසිය මගින් රැගෙන ගිය බවත් ඔවුන්ට පහර දීමේ දී එක් අයකු මියගිය නිසා එය දුටු අනෙක් පුද්ගලයා ද ඝාතනය කර පුළුස්සා දැමූ බවත් එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස