පහුගිය රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පාලනය යටතේ ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අරමුදල් යොදවා පවරාගත් ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සඳහන් කරයි.
අදාළ ගොඩනැගිල්ල රජයේ මුදලින් පවරා ගෙන කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
ඇමතිවරයා අදාළ ගොඩනැගිල්ල පරික්ෂා කිරීමෙන් අනතුරුව සඳහන් කළේ එය රාජිත සේනාරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් ගොඩනැගිල්ලක් බවත් එය බැංකුවට සින්න වීමට යාමේ දී රජයේ අරමුදල් යොදවා නැවත බේරා දී රජයේ මුදල් රුපියල් කෝටි 9ක් පමණ අවභාවිත කර ඇති බවය.
පුහුණු කිරීම් මධ්‍යස්ථානයක් ලෙස එය ක්‍රියාත්මක වන බව රාජිත සේනාරත්න පැවසුව ද එහි කිසිදු පුහුණුවක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය.