රාජිතට එරෙහිව විනය පියවර නෑ…! – සජබ…

January 30, 2023 at 12:48 pm | by emanisa.lk

සර්ව පාක්ෂික සමුළුවට එකතු වූ රාජිත සේනාරත්නට එරෙහිව කිසිදු විනය පියවරක් සමගි ජන බලවේගය නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසය.

කෙසේ වුව ද සමගි ජන බලවේගය අදාළ සර්ව පාක්ෂික සමුළුවට එකතු වීම ප්‍රතික්ෂේප කර තිබිණි.

රාජිත සේනාරත්න අදාළ සමුළුව සඳහා සහභාගී වූයේ සජබ නියෝජිතයා ලෙස නොවන බව රංජිත් මද්දුමබණ්ඩාර කීය.

රජය එහි දී සාකච්ඡා කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකළ අතර තම පක්ෂය වෙනත් වැඩ සටහනකට එකතු වූ නිසා ඊට සහභාගී නොවූ බවත් ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *