ආණ්ඩුවට ගිහින් ඇමැතිකම් ගන්න තරම් අපි මෝඩ නෑ..! – රාජිත….

July 27, 2022 at 7:34 am | by emanisa.lk

සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සමගි ජන බලවේගය එකතු නොවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හිටපු ඇමැතියරයා පවසන්නේ ඒ සඳහා සියලු පක්ෂ ද අරගලකරුවන් ද කැඳවා එකඟතාවක් ඇති කරගත යුතු බව සිය පක්ෂයේ අදහස බවයි.

ආණ්ඩුව ඇමැති ධූර සඳහා ආරාධනා කළ ද ඒවාට රැවටෙන කිසිවෙකු සජබ නොමැති බවයි, රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී සජබ කිසිවෙකු රනිල් වික්‍රමසිංහට ඡන්දය නොදුන් බවද හරීන් ප්‍රනාන්දු බොරු කියන බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *