හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි අල්ලස් නඩුවක සාක්ෂි ලේඛන අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහට දැනුම් දුන්නේය.
ඒ, මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බව වන නඩුවෙහි ලේඛනයකි.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇත.
2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹ දී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය පෙළඹ වූ බවට ද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
එමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.