රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම විනාශයේ මුල…! සහන පැකේජයෙන් ඩොලර් අර්බුදයට විසඳුම් නෑ…! – හර්ෂ…

January 4, 2022 at 10:43 am | by emanisa.lk

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවට හෙතෙම අනතුරු අඟවයි.

රජයේ සංඛ්‍යා ලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *