රාජ්‍ය නිලධාරීවාදය ඇඟළුම් ආයෝජන ආපසු හරනවා…! – එක්සත් ඇඟලුම් සංගමය…

November 9, 2023 at 9:51 am | by emanisa.lk

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරිවාදය ඇඟලුම් ආයෝජන ලංකාවට අහිමි කිරීමට හේතු වී ඇති බවත් එක්සත් ඇඟලුම් සංගමයේ (JAAF)උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු පවසයි.

ඉන්දියාවේ සමාගමක් එරාවුර් ප්‍රදේශයේදී ආරම්භ කිරීමට සැලසුම් කළ ෆැබ්‍රික් කලාපය ද මෙම නිලධාරිවාදය නිසා රටට අහිමි වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ ම නිපදවා ගන්නේ නම් මෙම ගැටලුව උදා නොවන බවත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අමුද්‍රව්‍ය නිෂ්පාදනයට පැමිණෙන ඉන්දියාව, චීනය වැනි රටවල් සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා කළත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන පසුව පරස්පර කතා මතු කිරීම හේතුවෙන් ආයෝජන සමාගම් ආපසු හැරී යන බව ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සියයට 22කින් අඩු වී ඇති නමුත් බංග්ලාදේශය ඩොලර් බිලියන දෙකහමාරකින් අපනයන ආදායම වැඩි කරගෙන ඇති බවත් කීය. මේ අනුව අපට එන අවස්ථා බංග්ලාදේශයට යන්නේ යැයි ඕනෑ ම කෙනෙකුට සැකයක් පවතින බව ෆීලික්ස් ප්‍රනාන්දු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *