රාජ්‍ය ඇමැතිට හෙල්මට් ප්‍රහාරයක්…! ප්‍රහාරකයෙක් අත්අඩංගුවට…!

September 20, 2022 at 5:54 pm | by emanisa.lk

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට ඊයේ (19) පුද්ගලයින් දෙදෙනෙක් පරුෂ වචනයෙන් බැණ වැදී හෙල්මටයකින් පහර දී ඇත.

බදුල්ල බණ්ඩාරනායක මාවතේ දී ඊයේ සවස මෙම පහර දීම සිදුව තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා බදුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට අයත් වෙළඳ සැලක් අසල සිය රථය නතර කර කථාබහ කරමින් සිටියදීය.

මෙම ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නැත. එම අවස්ථාවේ දී ඇමති ආරක්ෂකයින් මැදිහත් වී ප්‍රහාරය වළක්වා තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලීසිය එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *