හිටපු හිටපු ජනපති මහින්දගේ ජීවිතය අනතුරේ..! අරගලකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්..! ආරක්ෂාව වහාම දැඩි කරන නියෝග…!

May 30, 2022 at 9:40 am | by emanisa.lk

අරගලකරුවන්ගේ උද්ඝෝෂණකරුවන්ගේ විවිධ තර්ජනවලට ලක්විය හැකි ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවෙස ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තව දුරටත් දැඩි කරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිලධාරීන්ට නියෝග කොට තිබ්.

බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙන එම ස්ථානවලට ආරක්ෂාවක් දැඩි කිරීමට මෙලෙම කටයුතු කර ඇත.

මේ අනුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසට පිවිසෙන මාර්ගය ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදවීමටද පියවර ගෙන ඇත.

මහින්ද රාජපක්ෂ ගමන් කරන ස්ථානවල දී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවල දී මහජන විරෝධතා හෝ ප්‍රහාරයක් එල්ලවීමට හැකියාවක් පවතින හෙයින් ඔහුට උපරිම ආරක්ෂාව ලබා දීම කාලෝචිත බව බුද්ධි අංශ තොරතුරු වාර්තා කර ඇතැයි දැනගන්නට ඇත.

විවිධ වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම ඇතැම් පිරිස් හිටපු අගමැතිවරයා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවට ද එම බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇත.

කොළඹදී පසුගිය 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් දින කිහිපයක්ම ලැගුම් ගෙන සිටියේ තිරිකුණාමලය නාවික හමුදා කඳවුරේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *