රාජ්‍ය ඇමැතිගේ රථය හදිසියේ ගිනි ගනී..!

April 16, 2024 at 10:25 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ රථය හදිසි ගිනිගැනීමකට ලක්ව ඇත.

අද අලුයම 12.45ට පමණ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ දී මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ රථය එක්වරම ගිනි ගැනීමකට ලක්ව ඇත.

ගින්න හේතුවෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *