කොළඹට ගම්පහට ඇඳිරි නීතිය…! ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි..!

April 1, 2022 at 5:49 am | by emanisa.lk

කොළඹ උතුරු, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ, මිරිහාන, කැලණිය සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිසිය පවසයි.

මිරිහාන ප්‍රදේශයේ පිරිසක් කලහාකාරිව හැසිරෙමින් වාහන කිහිපයකට ගිනි තැබීම සහ ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති කර ගැනීමට යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මේ වන විට මෙම ගැටුමින් තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කර ඇතැයි ද දැනගන්නට ඇත. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව මෙන්ම සන්නද්ධ රථ කීපයක් ද කැඳවා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුව ද උදෑසන 5ට එම ප්‍රදේශවලට බලපෑ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *