ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ඉකුත් 8 වැනිදා පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනාගේ විෂය පථයට අයත් රාජ්‍ය අමාත්‍යාංශ සඳහා වෙනම වැය ශීර්ෂයක් වෙන් නොකිරීමට තීරණය කර තිබේ.
එහෙයින් එම රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ලේකම්වරයකු පත් නොකිරීමට රජය තීරණය කර ඇත. එම රාජ්‍ය අමාත්‍යාංශවල විෂය පථයට ගැනෙන කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා කැබිනට් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨතම අතිරේක ලේකම්වරයා යෙදවේ.
රටේ ආර්ථික තත්ත්වය ගැන සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර ජනතාව පිට බර පැටවීම අඩු කිරීමේ රජයේ තවත් එක් පියවරක් ලෙස ය. එබැවින් වාහන ඇතුළු ලේකම් වරප්‍රසාද රැසක වියදම රාජ්‍ය අමාත්‍යාංශවලට දැරීමට සිදු නොවනු ඇත.
කැබිනට් අමාත්‍යාංශයේ අනුමත කාර්ය මණ්ඩලය තුළින් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා වන කාර්ය මණ්ඩල අවශ්‍යතා සම්පූර්ණ කර දිය යුතු අතර නව තනතුරු ඇති කර ගැනීම සඳහා වන ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා සැප්තැම්බර් 9 වැනිදා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දන්වා ඇත.