ජනතා විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම පිළිබඳ සතුටු වන නමුත් උද්දාම නොවන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මෙම අරගලය රාජපක්ෂ පවුල මෙරට දේශපාලනයෙන් පළවා හරින තුරු මෙම අරගලය නතර නොකරන බවයි.
මේ රටේ ධනය සොරා කෑ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ සහචරයින් නීතිය හමුවට පමුණුවා එම ධනය නැවත රාජසන්තක කළ යුතු බවට හෙතෙම අවධාරණය කළේ ය.