රාජපක්ෂලා ට්‍රිලියන 06ක් හොරකම් කළා… සල්ලි රටින් අරන් ගියේ නැව්වලින්…! – හර්ෂ ද සිල්වා…

April 17, 2024 at 4:05 pm | by emanisa.lk

රට ලබා ගත් ණයවලින් විශාල ප්‍රමාණයක් රාජපක්ෂලා හොරකම් කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ලෝකයේ විවිධ තැන්වලින් ණය ගෙන නැව්වල පටවා විදෙස් රටවලට රැගෙන ගිය බවයි, ඔහු අනාවරණය කළේ.

රට ට්‍රිලියන 08ක් ණය වුව ද රටේ වත්කම් ඇත්තේ ට්‍රිලියන 02ක් බවත් ට්‍රිලියන 06කට සිදු වූ දෙයක් නොමැති බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *