රාජපක්ෂලා එක්ක ඩීල් ආණ්ඩු හදන්න බල කළොත් මම පැන්ෂන් යනවා…! – සජිත්…

April 23, 2022 at 6:57 pm | by emanisa.lk

ජනතාවගේ ඩීසල්, පෙට්‍රල්, ගෑස්, භූමිතෙල් ප්‍රශ්නවලට විසඳුම් තමා සතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් හොර පොහොට්ටුව සමග ආණ්ඩුවක් පිහිටු වීමට තමා සූදානම් නොමැති බවත් ජන වරමකින් ආණ්ඩුවක් පිහිටුවන බවත් හෙතෙම අවධාරණය කරයි.

තමා හොර රාජපක්ෂ ආණ්ඩුව සමග අන්තර්කාලීන ආණ්ඩුවකට සූදානම් නොමැති බවත් කිසිවෙකු එසේ බලපෑම් කළහොත් තමා දේශපාලනයෙන් විශ්‍රාම යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

එසේ ගෙදර යාමට පෙර ඩීල් දාන පිරිස රටට හෙළිදරව් කරන බවයි, ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *