ඇමති ධුර ඉල්ලා බලකරමින් නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ඉවත් වුව ද ආණ්ඩුව කඩා නොවැටෙන හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවශ්‍යතාවක් උද්ගත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා පවසයි.
නාමල් රාජපක්ෂ කණ්ඩායමට මේ අවස්ථාවේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 25කට වැඩි සහයක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි.
“රාජපක්ෂවාදීන් ආණ්ඩුවෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයාල යනවා නම් විපක්ෂයෙන් මන්ත්‍රීවරු ඊට වැඩි පිරිසක් ජනාධිපතිවරයාට සහය පලකිරීමට එකඟවී තියනවා. සජබෙන්, නිදහස් කණ්ඩායමෙන්, උත්තර කණ්ඩායමෙන් ආණ්ඩුවට එන්න බලන් ඉන්න මන්ත්‍රීවරුන්ට තියන එකම බැරියර් එක ඔය බැසිල් කණ්ඩායම.
පහුගිය කාලේ පාන් කියාගන්න බැරුව හැංගිලා හිටපු කට්ටිය, රනිල් ජනාධිපතිතුමා යාන්තන් රට ගොඩදාගෙන එනකොට ඔන්න දැන් ජනාධිපතිතුමාට විරුද්ධව වැඩකරන්න පටන් අරන්. මේවා පැහැදිලිවම කුහක වැඩ. සේරම එකතුවෙලා ආර්ථිකය ගොඩදාගන්න ඕන වෙලාවක ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින එක අනුමත කරන්න බැහැ . මම ලංකාවට ආපු ගමන් ඔය ගැන විශේෂ ප්‍රකාශයක් කරනවා.”