රාජපක්ෂලා අයථා ලෙස උපයා ගත් වත්කම් රජයට පවරන්න සූදානම්…! – නාමල්…

February 27, 2023 at 11:59 am | by emanisa.lk

තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක් පවසයි.

“යහපාලන ආණ්ඩුවක් ආවා. අනුර කුමාර මහත්තයත් ඒකේ හිටියා, සජිත් ප්‍රේමදසා මහත්තයාත් ඒකේ හිටියා, අපේ ජනාධිපතිතුමත් ඒකේ හිටියා. ලෝකේ වටේ ගියා අපේ ගිණුම් හොයන්න. රංජන් රාමනායක මහත්තයා ඩුබායි මැරියට් හෝටලය ළඟට ගිහිල්ලා කිව්වා, මේ නාමල්ගේ හෝටලය කියලා. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා රාජපක්ෂලාට එහෙම ජාත්‍යන්තර ගිණුම් තියෙනවා කියලා කිසිම තැනක තහවුරු වෙලා නැහැ කියලා.

එදා කියපු බොරුව අද ඒ විදිහටම අද ආයේ වතාවක් කියනවා. ෆයිල් මිටි ගහගෙන ඉන්න ඕනේ නැහැ. ෆයිල් මිටි හංගගෙන ඉන්න ඕනේ නැහැ. ඒ අයට සාක්ෂි තියෙනවා නම්, ඔප්පු කරන්න සාධක තියෙනවා නම්, මගේ නමට හෝ අපේ පවුලේ කෙනෙක්ගේ නමට ඔප්පුවක් තියෙනවා නම්, මේ ලෝකේ තියන රටවල ෆයිල් හංගගෙන ඉන්න එපා, අරගෙන එන්න. අපි දිවුරුම් ප්‍රකාශයකින් ලියලා දෙන්නම්.

උගන්ඩාවට සල්ලි යැව්වා කියනවා. අමූලික බොරුවක්. බලය ලබා ගන්න බොරු කරනවා. බොරු කිය කිය ඉන්න දෙයක් නැහැ. ඔය කියන දේවල් තියෙනවා නම් අපි ලෑස්තියි, ඒ සියල්ලම ආණ්ඩුවට පවරන්න, රටට පවරන්න.”

හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *