ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා සීනි සමාගම රු. බිලියනයක් ලාභ උපයයි….!

February 14, 2021 at 12:27 pm | by emanisa.lk

ලෝකයේ වාර්ෂික ඒක පුද්ගල සීනි පරිභෝජන සාමාන්‍ය අගය කිලෝ 22ක් වෙත්දී එය කිලෝ 33ක් වන ශ්‍රී ලංකාවේ ලංකා සීනි සමාගම අවුරුදු 35ක ඉතිහාසයේ ප්‍රථම වතාවට රු.බිලියනයක ලාභයක් උපයාගෙන ඇති බව පැවසේ.

කලට වේලාවට පොහොර ලබාදී ගොවියා නැවත ප්‍රාණවත් කරමින් මෙම ක්‍රියාවළිය ආරම්භ කිරීම එම සාර්ථකත්වයට හේතු වූ බව ගොවියන් පවසයි.

කෙසේ වුව ද හැකිතාක්දුරට කාබනික පොහොර භාවිතයෙන් උක් වගාව ඇතුළු සියලු වගාවන් රට තුළ සිදු කළ යුතු බව විද්වතුන්ගේ ප්‍රබලතම මතයයි.

රටේ ප්‍රධානතම සීනි නිෂ්පාදන කර්මන්තශාලාවන් වන සෙවනගල සහ පැල්වත්ත නැවත සක්‍රීය කරමින් දැනට දේශීය වාර්ෂික සීනි සැපයුමෙන් 10%ක් වන අගය ඉදිරි වසර පහ තුළදී 25%ක් දක්වා ඉහල දැමීම රජයේ අපේක්ෂාව බව ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා පවසයි.

ලංකා සීනි සමාගම වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුරගේ අධීක්ෂණයෙන් පාලනය වේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස