රසායනික පොහොර තහනම ලාංකික ගොවියා සමෘද්ධිමත් කරන සුවිශේෂ තීන්දුවක්….! – ඉන්දියානු විද්‍යාඥවරියක් කියයි…

June 11, 2021 at 7:28 am | by emanisa.lk

රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීමට ශ‍්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනාගතයේ ශ‍්‍රී ලාංකික ගොවියා සමෘද්ධිමත් කිරීමට සහ ශ‍්‍රී ලංකාව ලෝකයේ සුවිශේෂ රටක් කිරීමට හේතුවන බව ලොව ප‍්‍රකට පරිසරවේදිනියක වන මහාචාර්ය වන්දනා ශිවා පවසයි.

ඇය මේ බව පැවසුවේ සැමට ස්ථිර සමෘද්ධිමත් ආර්ථිකයක් සඳහා පුනර්ජනනීය කාබනික ගොවිතැන මාතෘකාව යටතේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මගින් සංවිධානය කරන ලද ඔන්ලයින් සමුළුවක් අමතමිනි.

පස පෝෂණය කරමින් මනුෂ්‍ය වර්ගයාට අවශ්‍ය පෝෂණය සැපයීමට කාබනික පොහොර භාවිතය හොඳ ම පිළිතුර බව ද ඇය මෙම සමුළුවේ ප‍්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවාය.

“පරිසර පද්ධතියේ විවිධත්වය වර්ධනය වන විට ඵලදාව ඉහළ යනවා. එවිට වගාව රෝග සහ පළිබෝධ උවදුරු සඳහා හොඳින් ඔරොත්තු දෙනවා. ඒ අනුව ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එසේ ම කෘෂි නිෂ්පාදන සඳහා අපනයන වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් ඇති වෙනවා. රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.

වගාවේ ඵලදාවේ කොතරම් ප‍්‍රමාණයක් ද යන්න ගැන පමණක් සිතා කටයුතු කිරීම සාර්ථක නැහැ. අස්වැන්නේ ගුණාත්මක භාවය සහ පෝෂ්‍යදායී තත්ත්වය ගැනයි විශේෂයෙන්ම සලකා බැලිය යුත්තේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස