රසායනික පොහොර ආනයනය තහනම් කිරීම පිළිබඳ මේ වන විට රට පුරා ගොවීන්, සුළු අපනයන භෝග වගාකරුවෝ විරෝධතා පවත්වති.
ඊයේ (11) හිඟුරක්ගොඩ වී ගොවීන් පිරිසක් ද මෙලෙස විරෝධතාවක නිරත වූහ.
එම විරෝධතාව අතරතුර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේගේ අනුරුවකට ගිනි තබමින් ඇමතිවරයාට විරෝධය පළකර අතර ඇතැම් පුද්ගලයන් එම අනුරුවට පොලුවලින් පහරදෙන ආකාරය ද දක්නට ලැබිණි.