රසායනික පොහොරට පිට රටට දුන් මිලියන අසූදාහ ගොවි ජනතාවට දෙනවා…! ගොවීන්ගේ ආදායම අඩු වුණොත් පාඩුව රජය පියවනවා…! – ජනපති…

July 1, 2021 at 5:47 pm | by emanisa.lk

වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කෙරෙන රුපියල් මිලියන අසූදහසක මුදල මෙරට ගොවි ජනතාවට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ පවසයි.

අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ගොවීන්ට උවමනා කෘමිනාශක, වල්නාශක සහ කාබනික පොහොර, රසායනික පොහොර ලබා දුන් ආකාරයට ම ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම පොහොර අවශ්‍යතාව මෙරට දී ම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායකයන්ට හා ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමිවෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ගොවින්ටද තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ගත හැකි බවත් ඒ සඳහා වැයවන මුදල ලබාදීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩු වීමට ඉඩ නොතබන අතර ආදායම අඩු වුවහොත් එම ප්‍රමාණය රජය මඟින් ලබා දී, ගොවියාට අපහසුතාවට පත්වීම වළක්වන බව ද ජනාධිපතිවරයා මෙහි දී සහතික වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස