රඹුක්කන විරෝධතාවයේදී වෙඩි තැබූ සහ වෙඩි තැබීමට අණ දුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදු වී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තීරණය කිරීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර තිබේ.
මෙය සිතාමතා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.