රනිල් සමහරු කියන තරම් කපටියෙක් නෙමෙයි…! – අනුර…

February 21, 2024 at 6:12 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කළහොත් ඔහුට වේලාසන ගෙදර යාමට සිදුවනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සම්මේලනය ඊයේ (18) අමතමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමහරු කියන තරම් කපටියෙක් නොවන බවය.

“රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ජනාධිපතිවරණය නොතියා වෙට්ටු දමන්න. එයාට වෙන්නේ ගොඩක් කලින් ගෙදර යන්න. රනිල් වික්‍රමසිංහ වීරයෙක් නෙමෙයි. බැඳුම්කර මගඩියට රනිල් සිරගත කරන බව කී මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවීම ගැන ඔහු ලැජ්ජා විය යුතුයි.

සමහරු කියනවා, රනිල් කපටියෙක්, එයා ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ තනි ආසනයකින්, ජනාධිපතිවරණය මගහැරලා යන්න මොනවා හරි කරයි, කියලා. රනිල් කියන තරම් කපටියෙක් නෙවෙයි. ජනාධිපතිවරණය කල්දාන්න හැදුවොත් එයාට නිල කාලය අවසන් වෙන්නත් කළින් ගෙදර යන්න වෙයි.

රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන් වුණේ සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු නිසා. නැත්නම් රනිල් දැන් නිකම්ම නිකන් මන්ත්‍රි කෙනෙක්. ගෝඨාභය මුලින්ම ඉල්ලා සිටියේ සජිත්ගෙන්.

පසුව සරත් ෆොන්සේකාගෙන් ජනාධිපතිකම ගන්න කියලා ඉල්ලුවා. ෆොන්සේකාට තීරණයක් ගන්න දින තුනක් අවශ්‍ය වුණා. දින තුනකින් ප්‍රමාද කිරීමට ගෝඨාභයට හැකියාවක් තිබුණේ නෑ. තුන්වැනි විකල්පය විදිහට ඔහු රනිල්ගෙන් ඉල්ලා සිටියා. නැතිවෙන්න දෙයක් නැති නිසා එයා ඒක භාර ගත්තා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *