කැහි ගෑනි දීලා හොටු ගෑනි අරන් වැඩක් නෑ… රනිල් – සජිත් එකම කාසියේ දෙපැත්ත…! – වීරසුමන වීරසිංහ….

July 13, 2024 at 10:23 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යනු එකම කාසියේ දෙපැත්ත බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පවසයි.

එහෙයින් සජිත් කිසිසේත් රනිල්ට විකල්පයක් නොවන බවත් සජිත් බලයට පත් කොට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

සජිත්ට ඉංග්‍රීසි, ජපන් පමණක් නොව අලි මන්තර ද හැකි නමුත් රටක් පාලනය කිරීමේ දී පුද්ගලයෙකුගේ අතීත වර්තමාන භාවිතාව ඉතා වැදගත් බවයි, වීරසුමන වීරසිංහ ප්‍රකාශ කළේ.

සර්වජන බලය මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *