රනිල් වහාම ඉවත් වනු…! අගමැතිකම භාරගන්න ලේස්තියි…! – අනුර….

July 6, 2022 at 5:21 pm | by emanisa.lk

අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන්නේ නම් රට භාර ගැනීමට සූදානම් බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

කෙටි කාලයක් තුළ ඉන්ධන, ඖෂධ, ගෑස් හිඟයට විසඳුම් ලබා දීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කරයි.

අනුර දිසානායක පවසන්නේ, ඒ සඳහා තමාත් තම පක්ෂයත් පමණක් නොව මේ රටේ ජනතාව ද විදෙස්ගත ලාංකිකයින් ද ව්‍යවසායක ප්‍රජාව ද සහයෝගය ලබා දෙනු ඇති බවයි.

මේ රටේ ගැඹුරට කිඳා බැස ඇති දැවැන්ත අර්බුදයට විසඳුම් ලබා දිය හැක්කේ එයින් අනතුරුව මහා මැතිවරණයක් පවත්වා තෝරාගනු ලබන ආණ්ඩුවකට බවයි, ජවිපෙ නායකයා අවධාරණය කළේ.

අනුර දිසානායක මේ බව ප්‍රකාශ කළේ, අද (07) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *