යුද්දේ ජයග්‍රහණය කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ අසාර්ථක වූ පසු පරාජය කොට ගෙදර යැවීමෙන් ලංකාවේ සිටින්නේ මෝඩ ජනතාවක් නොවන බව තහවුරු වන්නේ යැයි අරගලයට එකතු වූ රංගන ශිල්පී කලණ ගුණසේකර පවසයි.
එයින් පසු පත් කළ නායකයින් ගෙදර යවා ගෙන ආ ගෝඨාභය රාජපක්ෂ ඡන්දයට වඩා ප්‍රබල අරගලයකින් ගෙදර යැවූ බවත් හෙතෙම පෙන්වා දෙයි.
කිසියම් නායකයෙකු රට ගොඩනගන්නේ නම් ඔහුගේ පක්ෂය අදාළ නොවන බවත් රට මේ ආකාරයට හෝ ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහට ගරු කරන බවත් කලණ ගුණසේකර අවධාරණය කරයි.
රනිල් වික්‍රමසිංහ වැනි සිය රටේ ම ජනතාවගෙන් නින්දා ගැරහුම් ලැබූ වෙනත් නායකයෙකු ලෝක ඉතිහාසයේ නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.