රනිල් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා…! . ජී.ඇල්…

October 10, 2022 at 1:28 pm | by emanisa.lk

පළාත් පාලන නියෝජිතයින් අඩු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරන ප්‍රකාශය පිටුපස ඇත්තේ එම මැතිවරණය කල් දැමීම සඳහා සිදුකරන උප්පරවැට්ටියක් බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි.

ජනතාව ඉදිරියට ගොස් මැතිවරණ සඳහා මුහුණ දීමට දැඩි බියක් දක්වන පාලකයින් මෙයට පෙර පළාත් සභා මැතිවරණය සඳහා සිදුකළේ එයම බවටයි, ඔහු චෝදනා කළේ.

පෙරේදා කළුතර පැවැති ජන හමුවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන ඇති බව යැයි ද ජී.ඇල්. පීරිස් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *