රනිල් පන්නා සජිත් ජනාධිපති කිරීම ගෝඨා පළවා හැරි කාන්තාවන්ට මහ දෙයක් නෙමෙයි..! – හිරුණිකා….

March 20, 2023 at 11:04 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවා හැරීමට මුල් වූයේ කාන්තාවන් පිරිසක් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළවා හරින්නෙත් කාන්තාවන් පිරිසක් බවත්, ඒ වාගේම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කිරීමට පියවර ගන්නේ කාන්තාවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

තලවකැලේ නගරයේ සංවිධානය කොට තිබු සජබ ආසන බල මණ්ඩල රැස්වීමට එකතු වෙමින් (18) ඇය මේ බව ප්‍රකාශ කළාය.

“2019 දී ගෝඨාභය රාජපක්ෂ දිනුවේ දේශපාලඥයන්, ආසන සංවිධායකයන් විතරක් නෙවෙයි එම මැතිවරණය සංවිධාන කටයුතු සිදු කළේ. ගෙවල්වල ඉන්න මිනිස්සු පවා එයාට සංවිධාන වැඩ කළා. තනිකර රූකඩයක් වගේ හිටපු මනුස්සයෙක් වීරයෙක් කියලා පෙන්වලා කට කතා තමයි යව්වේ ගෝඨාභය කියන්නේ අති දක්ෂ මිනිහෙක් කියලා. ඒ අය බොරු කියලා තමයි ජනාධිපතිවරණය දිනුවේ.

ඒ අය බොරු කියලා ජනාධිපතිවරණය දිනුවා නම් ඇයි අපිට සජිත් ප්‍රේමදාස ගැන ඇත්ත කියලා දිනන්න බැරි. සජිත් පාසල් හැදුවා. මිනිස්සුන්ගේ දුක දන්නවා. නඩු නැහැ. වංචා දුෂණ මුකුත් නැහැ. මහජන මුදල් හොරකම් කරලා නැහැ. වසර 20 ක පමණ පාර්ලිමේන්තු දීමනා ගෙවල් හදන්න තමයි යොදවලා තියෙන්නේ. අපිට මිනිස්සුන්ට ඇත්ත කියලා අපේ පැත්තට හරවා ගන්න බැරි ඇයි.

මැතිවරණය නැහැ කියලා අඩියක් පස්සට ගන්න එපා. අපි අඩියක් පස්සට ගත්තම අනෙක් දේශපාලන පක්ෂ අඩි දෙකක් ඉස්සරහට යනවා. අපිට දැන් රනිල් එකක් තියෙන ප්‍රශ්නය තමයි මුළු රටටම දන්නවා අපි අද නන්නත්තාර වෙලා ඉන්නේ. රනිල් ආවේ රාපක්ෂලා ආරක්ෂා කරන්න කියලා මුළු රටටම දන්නවා.

රනිල්ට පුළුවන් ඔීනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් කැඳවන්න. මේ වසරේ මැතිවරණයක් නැති වසරක් කිව්වාට අපි දන්නේ නැහැ හදිස්සියේම මෙයාට හිතුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. ඒ නිසා මෙතැන ඉන්න හැමෝම දවසකට අලුත් ඡන්ද පහක්වත් අපේ පැත්තට හරවන් කටයුතු කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *