බෝල දෙකේ කතාවට සජබෙ විරෝධය…! හිරුණිකා පක්ෂයෙන් නෙරපන්නැයි බලපෑම්…! බෝල කතාවට සිනාසුනු ජලනිටත් බැනුම්…!

December 11, 2022 at 7:25 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයකට සමගි ජන බලවේගය තුළ ම දැඩි විරෝධය මතු වී තිබේ.

දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයෙක් වන රනිල් වික‍්‍රමසිංහට එසේ ප්‍රකාශ කිරීම පිළිබඳ පක්ෂය තුළින් ම ඈට විවේචන එල්ල වී ඇත.

මෙම ප්‍රකාශය හිරුණිකා විසින් සිදු කළේ සජිත් ප්‍රේමදාස ඉදිරියේදීම නිසා එම කතාව වැරැදි බව සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් ද ඔවුහු නො සතුටින් පසුවෙති. ජලනි ප්‍රේමදාස සිනාසෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කතාවට අනුබල දුන් බවට ද චෝදනා නැඟී ඇත.

මීළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තම විරෝධය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් තව දුරටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි වනිතා බලවේගයට නායකත්වය නොදිය යුතු බවත් ඔවුන් අවධාරණය කර ඇත.

පසුගියදා කඩුවෙල දී පැවැති සමගි වනිතා බලවේග ආසන බල මණ්ඩල හමුවේ දී හිරුණිකා කියා සිටියේ රටේ සුරක්ෂිත දෙයකට හංගන්න දෙයක් ඇතිනම් ඒ රනිල් වික්‍රමසිංහගේ බෝල දෙක පමණක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *