රනිල් ජාත්‍යන්තර කොරෝනා මර්දන සමුළුවක් අමතයි!

April 23, 2020 at 6:08 pm | by emanisa.lk

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර කොරෝනා මර්දන සමුළුවකට පසුගියදා එකතු විය. එජාප නිල ෆේස්බුක් පිටුවෙහි මෙසේ දැක්වෙයි.

COVID-19 සඳහා වන ප්‍රතිපත්ති සහ විද්‍යාත්මක ප්‍රතිචාර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගියදා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) සමුළුවකට මා අන්තර්ජාලය හරහා සම්බන්ධවුණා.

මා IDU හි උප සභාපති ධූරය සහ ආසියා පැසිෆික් ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති ධූරය දරණ අතර ගෝලීය වසංගතයකට මුහුණ දෙන විට ගෝලීය සහයෝගීතාව සහ නායකත්වය සැපයීම අත්‍යවශ්‍ය බව මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබුවා.

දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සන්ධානයක් වන IDU, COVID-19 ට එරෙහි සටනේදී ජාත්‍යන්තර ප්‍රජාව සමඟ තවදුරටත් සම්බන්ධ වීමට මෙම පක්ෂවලට අවස්ථාව දෙනු ලබනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස