රනිල් ජනාධිපති කළේ අත්හදා බලන්න…! වැඩේ සාර්ථක වුණා..! – ඩී.බී. හේරත්…

August 9, 2022 at 5:43 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කිරීමට තම පක්ෂය ඡන්දය පාවිච්චි කළේ අත්හදා බැලීමකට බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් සඳහන් කරයි.

එම අත්හදා බැලීම මේ වන විට සාර්ථක වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඉන්ධන, ගෑස් පෝලිම් අඩු වී ඇති බවත් බඩු මිලද අඩු වී ඇති බවත් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ජනතාවට යම් යම් සහන හිමිවී ඇත්තේ එම අත්හදා බැලීමෙන් පසුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී තව තවත් සහන ජනතාවට හිමි විය හැකි බව තමන් විශ්වාස කරන නිසා වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් ලබා දී ඒ පිළිබඳව අධ්‍යයනය කරන බව ද ඩී.බී. හේරත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *