රනිල් ජනාධිපතිවරණෙට ආවොත් සජිත් නවතින්නේ යාල කැළේ…! – රංගෙබණ්ඩාර…

August 31, 2023 at 5:03 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට ඉදිරිපත් නොවන බව තමා කැට තබා පවසන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි.

මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස කණ්ඩායම කරන්නේ ඩලස් හෝ මෛත්‍රීපාල හෝ අනුර දිසානායක හෝ ලණුව කන කෙනා බිල්ලට තල්ලුකර මගහැරීම බවද එජාප මහ ලේකම්වරයා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට පැමිණියහොත් සජිත් ප්‍රේමදාස යාල කැලේට නියත වශයෙන්ම පනින බව කී රංගෙ බණ්ඩාර, දැන් ඔහුට යාල කැලේ මදුරුවන් තලමින් කිනිතුල්ලන් කඩමින් සිටින්නට අවශ්‍යතාවක් නොවන බව ද යාල හිල්ටන් හෝටලය විවෘත කර තිබෙන දී තිබෙන බවත් සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී එජාප මහ ලේකම්වරයා බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස