ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන රාජකාරියක් වේ. ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, පක්ෂයේ විධායක අධ්යක්ෂ ශමල් සෙනරත් හා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් යන මහත්වරුන් පත් කර තිබේ.