රනිල් කියන්නේ සහනාධාර වෙනුවට ජීවිතයට හුස්ම ලබා දෙන නායකයෙක්..! – හරීන්…

February 6, 2024 at 9:47 am | by emanisa.lk

භාගෙට මැරුණු රටක මිලියන දෙකක ජනතාවට ඉඩම් ලබා දීම ලංකාවේ විශාලතම පෞද්ගලීකකරණය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

රනිල් වික්‍රමසිංහ යනු වෙනස් නායකයෙක් බවත් සහනාධාර ලබා දෙන නායකයෙක් නොවන බවත් ඇමැතිවරයා කීය.

ජනාධිපතිවරයා සහනාධාර වෙනුවට ජීවිතයට හුස්මක් ලබා දෙන නායකයෙක් බවයි, හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

උරුමය වැඩසටහන යටතේ රන්භූමි ජයභූමි ඔප්පුලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *