අගමැති මෝදි ඡන්දේ දිනුවේ ව්‍යාජ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරගෙන….! මට අපේ එක්කෙනාත් මතක් වෙනවා…! – පාස්කු ප්‍රහාරය හෙළි නොකළ හරීන් ඉන්දියාවේ ප්‍රහාරයක් ගැන හෙළිකරයි…

March 26, 2021 at 6:34 pm | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට 2019 පෙබරවාරී මාස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරගත් බව සමගි ජන බලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

පුල්වාමාවල මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරගෙන මැතිවරණ වේදිකාවේ එය මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදය පැතිරවීම සඳහා භාවිත කළ බවත් ඔහු සඳහන් කරයි.

ඔහු එදා කටයුතු කළ ආකාරය සිහිපත් වන විට ලංකාවේ ජනාධිපතිවරයා සිහිපත් වන බව ද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ ය.

පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සෙබළු 40ක් මරුමුවට පත් වූ අතර ඉන්දියා සහ පාකිස්ථානය අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. පාකිස්ථාන ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ප්‍රහාරක යානා දෙකක් බිම හෙළනු ලැබිණි.

හරීන් ප්‍රනාන්දු විසින් සිදුකළ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් මතු කළ හැකි බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි. එසේ ම එය සමගි ජන බලවේගය වෙත ද අවාසිදායක බවත් එහෙයින් මෙම ප්‍රකාශය සජිත් ප්‍රේමදාස හරීන් ප්‍රනාන්දු ලවා ම නිවැරදි කරනු ඇති බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *